ජනපති පිලිපීනයට



තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන අද (15) පිලිපීනය බලා පිටත්ව යාමට නියමිතය.

පිලිපීන ජනාධිපති රොඩ්රීගෝ ඩුටරේට් ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම නිල සංචාරයේ නිරත වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙරට ජනාධිපතිවරයෙක් පිලිපීනයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වන අතර ලබන 19 වැනිදා  දක්වා ජනාධිපතිරවයා පිලිපීනයේ සංචාරයේ නියැලෙන බව සඳහන් වේ.

මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා එරට ජනාධිපතිවරයා සහ එරට රාජ්‍යතාන්ත්‍රිකයන් සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමට නියමිතයි.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS