ජගත් මහ ලේකම්ගේ අවධානයට



ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරස් මහතාගේ දැඩි අවධානය යොමු වී ඇත.

මහ ලේකම්වරයාගේ නියෝජ්‍යය මාධ්‍යය ප්‍රකාශක ෆර්හාන් හක් ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා නව මැතිවරණයකට යාමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය මහලේකම්වරයාගේ අවධානයට ලක්ව ඇති බවයි.

ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය සහ එම ආයතනවලට ගරු කිරිමේ වැදගත්කම එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා පෙන්වා දී ඇති අතර නීතියේ අධිපත්‍ය  සහ නිසි ක්‍රියාපටිපාටියට අනුව ගැටළු විසඳා ගත යුතු බව ද සඳහන් කර තිබේ.

ඔහුගේ නියෝජ්‍ය මාධ්‍ය  ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ සියලු ශ්‍රී ලාංකිකයින්ට සාමය හා සුරක්ෂිත භාවය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු බව ද ඇන්තෝනියෝ ගුටේරස් මහතා ප්‍රකාශ කර ඇති බවයි. 

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS