චීනයේ සහාය ශ්‍රී ලංකාවට



ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයට ඉදිරිපත් කර ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව පක්ෂපාතී යැයි එක්සත් ජාතීන් වෙනුවෙන් පත් කර සිටින චීනයේ නිත්‍ය නියෝජිත චෙන් ෂූ මහතා ප්‍රකාශ කළේය.

මිත්‍රශීලී අසල්වැසියකු ලෙස චීනය අවංකවම ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය, ජනවාර්ගික සහයෝගීතාවය සහ ජාතික සමගිය පවත්වා ගෙන යෑමට සහයෝගය දෙන බව ද චෙන් ෂූ මහතා පැවැසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී එක්සත් ජාතීන් වෙනුවෙන් පත් කර සිටින චීනයේ නිත්‍ය නියෝජිත චෙන් ෂූ මහතා එම කරුණු සඳහන් කළේය.


RECOMMEND POSTS