චීන විදේශ ඇමැති එනවා



නිල සංචාරයක් සදහා චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ලබන ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.

ආසියා කලාප වල සිදු කරන සංචාරයක කොටසක් ලෙස චීන විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණීමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

විදේශ ඇමති වැන්ග් පසුගිය සතියේදී  ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් සමඟ අන්තර්ජාල රැස්වීමක් ඇමතූ අතර එහිදී ඔහු කොවිඩ් වසංගතය පිටුදැකීම සහ දරිද්‍රතාවය පිටුදැකීම පිළිබඳ කලාපීය  සහයෝගීතාව පිළිබඳව සෙසු රටවල විදේශ අමාත්‍යවරුන් සමග සාකච්ඡා කළේය.

චීන විදේශ අමාත්‍යවරයා මෙම සංචරයත් සමග චීන රජයේ ඉහල නියෝජිතයෙකු මෙරටට පැමිණෙන තෙවැනි අවස්ථාව මෙය වේ.

චීන ආරක්ෂක ඇමති වී ෆෙන්ගේ පසුගිය අප්‍රේල් 23 වැනිදා මෙරටට පැමිණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පැවැත්වීය. ඒම සාකච්ඡා වලදී ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීමට දෙරට එකඟ විය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී , මහජන චීන කොමියුනිස්ට් පක්ෂය් මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ විදේශ කටයුතු කොමිසමේ කාර්යාලයේ අධ්‍යක්ෂ යැං ජිචි ද ද්විපාර්ශවික සාකච්ඡා සඳහා කොළඹට පැමිණියේය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS