ගෝඨාභය රාජපක්ෂ ඉදිරියට



පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරුණු ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව දැඩි ආරක්ෂාව යටතේ පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින් ඉදිරියට පැමිණීමට ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්ව සිටී.

ඡන්ද ලක්ෂ පහක් ගණනය කර අවසන් වනවිට ප්‍රධාන විපක්ෂයේ අපේක්ෂකයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 52.87ක ඡන්ද ප්‍රතිශතයකට හිමිකම් කියමින් ඉදිරියෙන් සිටී. මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ එම ඡන්ද ප්‍රතිඵලවලට අනුව සජිත් ප්‍රේමදාස මහතාට හිමිව තිබුණේ සියයට 39.67ක ප්‍රතිශතයකි.

වාමාංශික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සියයට 4.69ක ඡන්ද ප්‍රතිශතයකට හිමිකම් කියමින් තෙවැනි තැනට පත්ව සිටි. හෙතෙම ජාතික ජන බලවේගයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෝ 32 ක් ඉදිරිපත්ව සිටියහ.

මිලියන 15.99ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි අතර අවම වශයෙන් ඉන් සියයට 80කට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (17) පැවැසීය. මැතිවරණයේ ප්‍රචණ්ඩ ක්‍රියා නැති තරම් වූ සිදුවීම් අතළොස්සකින් පුද්ගලයන් කිහිපදෙනෙක් තුවාල ලැබූහ.

70 වැනි වියේ පසුවන ගෝඨාභය රාජපක්ෂ මහතා සිංහල බහුතරයක් වෙසෙන ප්‍රදේශවල ඉදිරියෙන් සිටින අතර රටේ දෙමළ ප්‍රජාව වෙසෙන ප්‍රදේශවල විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ඉදිරියෙන් සිටීමට සජිත් ප්‍රේමදාස මහතා සමත්විය.
52 වැනි වියේ පසුවන සජිත් ප්‍රේමදාස මහතා ඝාතනයට ලක්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතාය.

මෙවර මැතිවරණය අප්‍රේල් 21 මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසු එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවේ ජනප්‍රියත්වය තීරණය කරන පළමු පරීක්ෂණය විය. දේශීය ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් එල්ල කළ එම ප්‍රහාර මාලාවෙන් 269 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

පූර්ව අනතුරු ඇඟවීම් තිබියදීද ප්‍රහාර වළක්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ආණ්ඩුවට බරපතළ චෝදනා එල්ල විය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් ඉවත් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ඒ සඳහා අවස්ථාව සලසා දුන්නේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරාය. 

37 වසරක සිවිල් යුද්ධය අවසන් කරමින් 2009 වසරේදී දෙමළ බෙදුම්වාදීන් පරාජයට පත් කිරීම සඳහා ආරක්ෂක අංශ මෙහෙයවීම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනප්‍රසාදයට පත්විය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය හෙබවූ 2005 සිට 2015 කාලයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබවීය.
අද සවස්වරුව වනවිට සමස්ත ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කරයි.

ඒ.එෆ්.පී


RECOMMEND POSTS