ගුවන් ගමන් දෙකක් අත්හිටුවයි



ලබන ඔක්තෝබර් මස අවසානයේ සිට සිංගප්පූරුව සහ කොළඹ අතර ගුවන් ගමන් දෙකක් අත්හිටුවීමට  එමිරේට්ස් ගුවන්සේවා සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව සිංගප්පූරුව සහ කොළඹ අතර ක්‍රියාත්මක වූ ඒ.කේ 348 සහ ඒ.කේ.349 යන ගුවන් යානා මෙලෙස අත්හිටුවෙන බවද එම සමාගම ඊයේ (16) නිවේදනය කළේය.

එමිරේට්ස් මෙහෙයුම් සඳහා එම ගුවන්යානාවන් උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම පිළිබඳව කාලානුරූපව සමාලෝචනය කිරීමෙන් පසුව එමිරේට්ස් ගුවන් සේවා සමාගම  මෙම තීරණය ගෙන ඇත.

මෙම තීරණය සමඟ ලබන  ඔක්තෝබර් 27 වැනිදා කොළඹ සිට සිංගප්පූරුව දක්වා සිදු කරන අවසන් ගුවන් වාරය වන අතර සිංගප්පූරුව සිට කොළඹ දක්වා සිදුවන අවසන් ගුවන් ගමන් වාරය ඔක්තෝබර් 28 වැනිදා සිදු කෙරේ.

මෙම මාර්ගයේ ගුවන් ගමන් වාර අත්හිටුවීම හේතුවෙන් ගුවන් මඟීන්ට සිදුවන අපහසුතා සම්බන්ධයෙන් එමිරේට්ස් සමාගම සමාව ඉල්ලා සිටී.එමෙන්ම ශ්‍රී ලංකාව නිරන්තරයෙන්ම එමිරේට්ස් සමාගමට වැදගත් ව්‍යාපාරික සහ විනෝද ගමනාන්තයක් වන අතර එය ඩුබායි සිට ශ්‍රී ලාංකේය වෙළඳපොළට දිගටම සේවය කරන බවද එම සමාගම සඳහන් කරයි.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS