ගාස්තු අඩු කෙරේ



විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ගෙන් අයකෙරෙන ලියාපදිංචි වීමේ ගාස්තු හා ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තු අඩුවී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.

නව රජයේ ආර්ථික ප්‍රථිපත්ති අනුව විවිධ භාණ්ඩ හා සේවා සඳහා අයකරනු ලබන බදු අඩුකිරී්ම හේතුවෙන් මෙසේ මෙම ගාස්තු අඩුවී ඇතැයි කා්රයංශයේ ජ්‍යෙශ්ඨ නිලාධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මේ අනුව මෙතෙක් රුපියල් 17837 ක්ව පැවැති ලියාපදිංචි ගාස්තුව රුපියල් 16416 ක් දක්වා අඩුවන බවත් ලියාපංදිචිය අලුත් කිරීමේ ගාස්තුව රුපියල් 3755 සිට 3456ක් දක්වා අඩුවන බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම නව මිල ගණන් ඉකුත් පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන බව ද එම නිලධාරියා කියා සිටියේය.

විනීතා එම්  ගමගේ


RECOMMEND POSTS