ගමන් බලපත්‍ර ගැටළුව යථා තත්වයට



ගුවන් ගමන් බලපත්‍ර ගැටළුව ලබන සතිය වන විට යථා තත්වයට පත් වනු ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ගුවන් ගමන් බලපත්‍ර අංශයේ ජජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ   ගුවන් ගමන් බලපත්‍ර නවීණ තාක්ෂණය ඔස්සේ නව ආරකින් නිකුත් කිරීමට සැළසුම් කර තිබූ අතර මේ හේතුවෙන් සියලු රට වල ගුවන් ගමන් බලපත්‍ර ගෙන්වීමේ ප්‍රමාදයක් හටගත් බව ය.

එබැවින් සියලු රටවල් සඳහා නිකුත් කෙරෙන ගුවන් ගමන් බලපත්‍රවල හිඟයක් පසුගිය දිනවල පැවති බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේවෙතත් අදාළ ගුවන් ගමන් බලපත්‍ර ඇණවුම් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමු කළ අතර ඊට අනුමැතිය හිමිව ඇති බව  වාර්තා වේ.

එළඹෙන සතිය වන විට සියලු රටවල් සඳහා නිකුත් කෙරෙන ගුවන් ගමන් බලපත්‍ර ලැබෙනු ඇති බව හෙතෙම කියා සිටියේය.

සියලු රටවල් සඳහා ගුවන් ගමන් බලපත්‍ර හිඟයක් පැවතීම හේතුවෙන් මැදපෙරදිග සඳහා නිකුත් කෙරෙන ගුවන් ගමන් බලපත්‍රවලට සියලු රටවල් යනුවෙන් සඳහනක් කොට එතෙක් නිකුත් කෙරෙන බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

තිළිණි ද සිල්වා


RECOMMEND POSTS