ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා



ගල්ෆ් කලාපයේ දෙවැනි විශාලතම ආර්ථිකය වන කුවේට් රාජ්‍යය සමඟ ද්වීපාර්ශවික වෙළඳ ගණුදෙනු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

එහි පළමු සාකච්ඡාව මෙරට සිටින කුවේට් තානාපතිවරයා සහ කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදුද්දීන් අතර පැවති බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

(තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS