ගණිකා සේවයේ යොදවලා



බහරේනයේ ගෘහසේවිකාවක ලෙස සේවයට ගිය 36 හැවිරිදි කාන්තාවක් ගණිකා නිවාසයක බලෙන් රඳවා ගෙන වසර දෙකක් තිස්සේ ගණිකා සේවයේ යෙදවූ පුවතක් පිලිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඇය බහරේනයකට යවා ඇත්තේ බංගලාදේශ ජාතිකයෙකු හා ශ්‍රී  ලාංකික කාන්තාවක් විසින් යැයි පැවසේ. 

නිවාස අඩස්සියේ තබා ගනිමින් ආහාර ලෙස පාන් පමනක් දෙමින් දිනකට පිරිමි 20 කට ආසන්න පිරිසක් සමඟ ලිංගික කටයුතු සඳහා ඇය යොදවා ඇති බව ද එම වාර්තා කියයි. 

එම ගණිකා නිවාසයට එන ගනු දෙනු කරුවන් සමඟ ලිංගිකව එක්වීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවලදී ගණිකා නිවාසය පවත්වාගෙන යන කාන්තාව විසින් ඇයට අමානුෂික අයුරින් පහරදී ඇගේ රහස් ප්‍රදේශ පුළුස්සා මිරිස් කුඩු ප්‍රහාර එල්ල කර ඇති බව ද එම වාර්තා පවසයි.

අවස්ථා කිහිපයකදි එම ස්ථානයෙන් පැන යාමට උත්සාහ කළත් එම අවස්ථා ව්‍යර්ථ වී ඇති අතර ඇය සේම ගණිකා නිවාසයට රැගෙන ආ තවත් විදේශික කාන්තාවකගේ සහය ඇතිව දෙදෙනා කෙසේ හෝ ගණිකා නිවාසයෙන් පැන ගොස් ඇතැයි ද පැවසේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනුවත් කර පැමිණිල්ලක් කිරීමෙන් පසු ගණිකා නිවාසය වටලා සැකකරුවන් අත් අඩගුවට ගැනීමට කටයුතු කර ඇති බවත් අනතුරුව පැවැති නඩු විභාගයේ දී හෙලිවූ කරුනු අනුව මෙම මාධ්‍ය වාර්තා පළ කළ බවත් එම වාර්තා සඳහන් කරයි.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS