කොළඹින් පිට තවත් කොන්සියුලර් කාර්යාල



සංක්‍රමණික සේවකයන්ගේ පවුල් විශාල සංඛ්‍යාවක් වාසය කරන ප්‍රදේශවල අනාගතයේදී තවත් ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල විවෘත කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා  පවසයි.

විශේෂයෙන්ම කොළඹට නොපැමිණ සිය දිස්ත්‍රික්කවලම සිට කොන්සියුලර් සේවාවන් ලබාගැනීමේ හැකියාව ලබා දීමට කටයුතු කරන අමාත්‍ය තිලක් මාරපන මහතා ක

විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාතර ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් විසින් විවෘත කරමින් අමාත්‍ය මාරපන මහතා මේ බව කීය.

කාර්යාලය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ඉන් ලබා දුන් පළමු කොන්සියුලර් සේවාව සනිටුහන් කරමින් ඉලෙක්ට්‍රොනික ලියකියැවිලි සත්‍යාපන ක්‍රමය මඟින් සත්‍යාපනය කරනු ලැබූ ලියකියැවිලි ඒවායේ අයිතිකරුවන් වෙත භාරදීම අමාත්‍යවරුන් දෙපළ අතින් සිදු විය.

උත්සව සභාව අමතමින් පැවැසීය.පළමුව යාපනයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් විවෘත කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවාවන් මහජනතාව වෙත රැගෙන යෑමේ කටයුත්තට සිය පූර්වගාමියා වූ අමාත්‍ය මංගල සමරවීර මහතා ලබා දුන් දායකත්වය අමාත්‍ය මාරපන මහතාගේ ඇගයීමට ලක්විය.

මෙම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය විවෘත වීමත් සමඟම, පුළුල් සේවා රැසක් අතර, එතෙරදී භාවිතය සඳහා උප්පැන්න සහතික, විවාහ සහතික, මරණ සහතික, අධ්‍යාපන සහතික සහ අනෙකුත් නෛතික ලියකියැවිලි සත්‍යාපනය කිරීම, විදේශයන්හි අතරමං වූ ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහය වීම, සංක්‍රමණික සේවකයන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් කරනු ලබන සහන සහ වන්දි ඉල්ලීම්වලට පහසුකම් සැපයීම මෙන්ම විදේශයන්හිදී මිය ගිය ශ්‍රී ලාංකිකයන්ගේ මෘත දේහ මෙරටට ගෙන්වා ගැනීම ආදී කොන්සියුලර් සේවා ලබා ගැනීමට මහජනතාවට හැකියාව ලැබී ඇත.

අමාත්‍යාංශයේ දෙවැනි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීම සඳහා මාතර නගරය තෝරාගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය සමරවීර මහතා අමාත්‍ය මාරපන මහතාට සිය ස්තූතිය පළ කළේය.

උත්සවය ආරම්භයේදී කථා කළ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් අහ්මඩ් ඒ. ජවාඩ් මහතා අමාත්‍යවරුන්, රජයේ ආයතනවල නියෝජිතයන් සහ මහජනතාව පිළිගත් අතර ඔවුන්ගේ සහයෝගය සහ පැමිණීම වෙනුවෙන් සිය ස්තූතිය පුද කළේය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (පාලන) අරුණ ප්‍රනාන්දු මහතා ස්තූති කථාව පැවැත්වීය.

දකුණු පළාත් සභාවේ මැති ඇමැතිවරු රැසක්, මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු සහ මාතර දිස්ත්‍රික් ලේකම්වරයා හා දකුණු පළාතේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ මෙම විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූහ.

 

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS