කොළඹ ඉරාන තානාපති නිල නිවසේ ගින්නක්



කොළඹ 07 බුලර්ස් මාවතේ පිහිටා තිබෙන ඉරාන තානාපතිවරයාගේ නිල නිවසේ ගින්නක් ඇති වූ බවත් එය සාර්ථකව මැඩ පැවැත්වූ බවත් ගිනි නිවීමේ හමුදාවේ නිලධාරියෙක් කීය. 

වායු සමීකරණ පද්ධතියේ ඇති වූ විදුලි කාන්දුවකින් ගින්න ඇති වී තිබූ බවත් තානාපති කාර්යාලයේ සිවිලිමට එය පැතිර ගොස් තිබූ බවත් ගිනි නිවීමේ හමුදාවේ එම නිලධාරියා කීය. එය සාර්ථකව මැඩ පැවැත්වූ බව ද හෙතෙම වැඩිදුරටත් කීය.

සුළු ගින්නක් බවත් කිසිවකුටත් තුවාල සිදු වී නැති බවත් මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාලයෙන් කරන ලද විමසුමකදී දැනගන්නට ලැබිණි.

ඡායාරූප - ලහිරු හර්ෂණ


RECOMMEND POSTS