කුවේට් ලාංකික තරුණයකුට කරදරයක්



කුවේට් හි සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික තරුණයෙක් හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මහ  මඟ වැටී සිටියදී  තවත් ශ්‍රී ලාංකික තරුණයෙක් වන මොහමඞ් සෆ්රාස් මහතා ට හමුවී පර්වානියා රෝහලට ඇතුළත් කර ඇත.

අල් රාබියා ප්‍රදේශයේ දී මොහු මෙසේ අසනීප වී වැටී සිටි අතර ඔහු කිසිවක් ප්‍රකාශ නොකරන බැවින් තොරතුරු දැන ගැනීම ප්‍රශ්නයක් වී ඇතැයි මොහමඞ් සෆ්රාස් පවසයි.

නම ප්‍රදීප් නුවන් බවත් ගම අනුරාධපුරය බවත් මේ වනවිට හෙළිදරව් කරගෙන ඇති අතර මොහු පිළිබඳ තව තොරතුරු දැන ගැනීමට හා ඔහුගේ ප්‍රතිකාර සඳහා සෆ්රාස් කුවේට්යේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සහය  පතයි.

මොහමඞ් සෆ්රාස් ගේ දුරකතන අංකය 0096551662036 වේ.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS