ක්‍රමවේදය වෙනස් කෙරේ



කුවේට් හි විදේශ කටයුතු අමාත්‍යංශය වෙත තානාපති කාර්යාල මඟින් ඉදිරිපත් කරන ලිපි ලේඛන සහතික කිරීමේ ක්‍රමවේදය වෙනස් කර ඇතැයි තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ අනුව ශ්‍රී ලාංකිකයෙක් කුවේට් විදේශ කටයුතු අමාත්‍යංශයට ඉදිරිපත් කරන ලිපි ලේඛන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයෙන් සහතික කල පසු ලංකාවේ කුවේට් තානාපති කාර්යාලයෙන් ද සහතික කර ගත යුතුය. කුවේට් විදේශ කටයුතු  අමාත්‍යංශයට ඉදිරිපත් කළ යුත්තේ ඉන් පසුවය.

මෙසේ සහතික කර ගත  යුතු ලේඛන වන්නේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ, ඩිප්ලෝමා, උපාධි, හා වෙනත් අධ්‍යාපන සහතික. ශ්‍රී ලංකා රජයෙන් ලබා ගන්නා පොලිස් සහතික, මරණ සහතික, වෛද්‍ය සහතික, කුවේට්හිදී විවාහ  වීමට බලාපොරොත්තු වන්නේ නම් ශ්‍රී ලංකාවේ දී විවාහ වී නැති බවට මව්පියන් හෝ භාරකරුවන්ගෙන් දිවුරුම් සහතික ආදිය මෙසේ සහතික කරගතයුතුව ඇත.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS