කටාර් ගුවන්තොටුපොළේදී කොටුවෙයි



ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදා ගෙන කටුනායක ගුවන් තොටුපළ හරහා ජර්මනිය බලා යාමට තැත්කළ ශ්‍රී ලාංකික කාන්තාවක් කටාර් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත්වී ඇතැයි වාර්තා වේ.

කටාර් හි ගුවන්තොටුපළ බලධාරින් විසින්එම කාන්තාව නැවත මෙරටට පිටුවහල් කිරීමට කටයුතු කර ඇති අතර යලි කටුනායකට පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපල බලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අච්චුවේලි ප්‍රදේශය පදිංචි තර්මසරා සජිනි නමැත්තියකි.  

කටාර් හිදී අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඇය විසින් පිළිතුරු ලබා දී ඇති නමුත් කොළඹ දී සිදුකරන ලද ප්‍රශ්න කිරීම හමුවේ  ඇය තමන්ට කතා කිරීමට නොහැකි ගොළු අයෙක් බව  ඔප්පු කිරීමට උත්සාහ ගෙන ඇතැයි වාර්තාවේ.

රෝගය සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට එළැඹිය යුතු බැවින් මෙම කාන්තාව  වෛද්‍යවරුන් හමුවට ඉදිරිපත්කර තිබෙන අතර එහිදී අනාවරණය වී ඇත්තේ කතා කිරීමට නොහැකි රෝගයක් ඇයට නොමැති බවකි.

මින් පෙර අවස්ථාවකදී ද මෙම කාන්තාව ව්‍යාජ ගමන් බලපත්‍රයක් මඟින් නීති විරෝධීව විදෙස් ගතවීමට උත්සාහ දරා තිබෙන බවටත් පසුව තොරතුරු අනාවරණය වී තිබේ.

ව්‍යාජ ගමන් බලපත්‍රයකින් විදෙස් ගතවීමට උත්සාහ දැරීමේ වරදට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ සැකකාරිය රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

විනීතා එම්  ගමගේ


RECOMMEND POSTS