ඔස්ට්‍රේලියා අගමැති එනවා



ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සචමා ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා ලබන 02 දා පැමිණෙන බව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

ඕස්ට්‍රේලියා අඅග්‍රාමාත්‍යවරයාගේ මෙම ශ්‍රී ලංකා සංචාරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතය.

ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික තානාපති සබඳතාවල 70 වැනි සංවත්සරය සැමරෙන මොහොතේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට ලැබීම තමන්ට සතුටට කරුණක් බවද මැල්කම් ටර්න්බුල් මහතා පවසා තිබේ.

එමෙන්ම, මෙම වසර මුලදී ශ්‍රී ලංකා ජනපති හා අගමැතිගේ ඔස්ට්‍රේලියා සංචාරවලදී ඔවුන් මුණගැසී සාකච්ඡා කිරීමට ලැබීමද තමන්ට සතුටක් බව හෙතෙම සඳහන් කර ඇත.

එමෙන්ම දෙරට අතර ආර්ථික සබඳතාවය ශක්තිමත් කරගැනීම සඳහා සාකච්ඡා තවදුරටත් සිදුකරගෙන යාමට අපේක්ෂා කරන බවත්, විශේෂයෙන්ම පුද්ගල ජාවාරම් ඇතුළු අන්තර්ජාතික අපරාධ මර්දනය සඳහා දෙරට එක්ව කටයුතු කිරීමේ වැදත්කම ගැන ඕස්ට්‍රේලියා අගමැතිවරයා සාකච්ඡා කිරීමට නියමිතය .

( තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS