එමිරේටයත් විමසිල්ලෙන්



මහනුවර දිස්ත්‍රක්කය මුල් කරගනිමින් ඇතිවූ ගැටුම් හේතුවෙන් ලංකාවේ සංචාරය කිරීමේදී දැඩි අවධානයෙන් සිටින්නැයි දන්වමින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය සිය වැසියන් වෙත සංචාරක උපදේශන නිකුත් කරනු ලැබ ඇත.

එමීර් රජය වෙනුවෙන් කොළඹ පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලය ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනුයේ ලංකාවේ සංචාරයක කරන තම වැසියන් වැඩිපුර සෙනග ගැවසෙන ස්ථාන වල සිටීමෙන් වැළකෙන ලෙසය.

එසේම යම් කිසි හදිසි අවස්ථාවක් ඇති වුවහොත් එමීර තානාපති කාර්යාලය හැකි ඉක්මනින් අමතන ලෙසද එම බලධාරීහු ඉල්ලා සිටිති.

මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති සුලෙයිමා ජේ මොහිදීන් පැවසූයේ ලංකාවේ පනවා ඇති හදිසි නීතිය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවරක් බවය.

තානාපති ෙම් බව සදහන් කරනුෙය් ශ්‍රී ලංකාවේ මේ දිනවල පවතින ගැටුම්කාරී තත්ත්වය ගැන නිෙව්දනයක් නිකුත් කරමිනි.එය ලංකාෙව් පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයක් බවද ශ්‍රී ලංකා තානාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

එමිරේටයට අමතරව මහනුවර ඇතිවූ කලහකාරී තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිල්ලෙන් පසුවන ලෙසට ඇමෙරිකා එක්සත් ජනපදය ,බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව යන රටවල්ද සංචාරක උපදේශනද නිකුත් කළේය.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS