එට්කා ගිවිසුම මේ වසර අගදී !



මේ වසර අගදී ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා එකඟතාව හෙවත් එට්කා අවසන් ගිවිසුම අත්සන් කෙරෙනු ඇති බවත් ,එය දෙරටේම බලාපොරොත්තුව  යැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉන්දීය සාගර කලාප කටයුතු පිළිබඳ ඒකාබද්ධ ලේකම් සන්ජේ පාණ්ඩා ප්‍රකාශ කර ඇතැයි ඉන්දියාවේ පළවන ෆයිනෑන්ෂියල් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කළේය.

මෙම ගිවිසුම මේ වසරේදී  අවසන් කිරීම දෙරටේම බලාපොරොත්තුව  යැයිදඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉන්දීය සාගර කලාප කටයුතු පිළිබඳ ඒකාබද්ධ ලේකම්වරයා වැඩිදුරටත්  කීය.

මේ වන විට එට්කා  ගිවිසුම් සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡා වට හතරක් පවත්වා ඇති බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ ලේකම්වරයා  වැඩිදුරටත් සඳහන් කළ බව එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ ගිවිසුම සම්බන්ධයෙන් තීරනාත්මක සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව යථාර්ථවාදී ලෙසින් ශ්‍රි ලංකාවට පහසුවන ආකාරයෙන් මෙම අවසන් ගිවිසුම අත්සන් කෙරෙන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටී.

කෙසේ හෝ මේ වසර අගදී අවසන් ගිවිසුම සකස් කර හැකි පමණින් ඉන් ඵල ප්‍රයෝජන ගත යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංහ ඒකාබද්ධ ලේකම්වරයා පෙන්වා දී සිටී.

2000 වසරේදී අත්සන් තබන ලද ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවට සහනදායි කොන්දේසි රැසක් පිරිනැමුණු අතර 2015-2016 වසරේදී දෙරට අතර ඇමෙරිකා ඩොලර් බිලියන 6ක වෙළඳගනු දෙනු සිදු වී ඇත. 

 

 ( තිළිණි  ද සිල්වා )

 


RECOMMEND POSTS