ඉරාන කතා නායක ඇවිල්ලා



ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණි ඉරාන පාර්ලිමේන්තු කථානායක අලි ලරිජානි මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිණි.

එහිදී ඉරාන කතානයකවරයා මෙරට කතානායක කරු ජයසූරිය මහතාද හමුවීමටද සුහද සාකච්ඡාවකට එක්විණි.දීර්ඝ වේලාවක් එරට රැඳී සිටි ඕමාන කතානායකවරයා ඇතුළු නියෝජිත පිරිස පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂ අමුත්තන් සඳහා වන සමරු පොතේ සටහනක්ද තැබීමට කටයුතු කළේය.

මොවුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟද ද්වි පාර්ශිවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඊයේ (18) රාත්‍රී 7.15 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට ඉරාන කථානායකවරයා සමඟ එරට පාර්ලිමේන්තු නියෝජිතයින් පිරිසක්ද පැමිණියහ.මෙම ඕමාන කතානායකවරයා ඇතුළු දූත පිරිස හෙට (20) දක්වාද මෙරට රැඳී සිටීමට නියමිතය.

ඉරාන පාර්ලිමේන්තු කථානායකවරයා වියට්නාමයේ සිදු කරන සංචාරයකින් අනතුරුව ලංකාවට පැමිණියේය.ලංකාවට පැමිණී ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා සිරියාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ද මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.විශේෂයෙන් සිරියාවට පසුගියදා බටහිර රටවල් එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරය ජාත්‍යන්තර යාන්ත්‍රණයන් විසින් නොසලකා හැර ඇති බව ඉරානයේ අදහසය වන අතර එය අනාගත ගැටුම් වාතාවරණයන් කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකි බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

මේ හේතුවෙන් වියට්නාම සහ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ පවත්වන සාකච්ඡාවලදී ඒ පිළිබඳවද සිය කථානායකවරයා අවධානය යොමු කරනු ඇති බවත් , එහිදී සාකච්ඡා කෙරෙන කරුණු ජාත්‍යන්තර තලයේ සාමය තහවුරු කිරීම සඳහා වැදගත් වනු ඇති බව ඉරානයේ මතයයි.

( තිළිණි ද සිල්වා )
ඡායාරූප : චතුර එස්.කොඩිකාර

 


RECOMMEND POSTS