ඉම්රාන් ඛාන් සුබ පතයි



ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ද සුබ පැතුම් එක්කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිකුත් ට්විටර් පණිවුඩයේ මෙසේ දැක්වෙයි.
“ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපැතුම්. ඔහු සමඟත් ශ්‍රී ලංකාව සමඟත් සමීපව කටයුතු කිරීමට පාකිස්තානය බලාපොරොත්තු වෙනවා. එමෙන්ම දෙරටේ සහෝදර බැඳීම් පුළුල් කරගනිමින් දෙරටේ ජනතාවගේ සාමය, සුබසිද්ධිය සහ සෞභාග්‍ය වෙනුවෙන් කටයුතු කරනවා. දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමටත් අප බලාපොරොත්තු වෙනවා”.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කරමින් පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්වි මහතා සුබපැතුම් එක්කර තිබූ අතර පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය ද නිවේදනයක් නිකුත් කර තිබිණි. 

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS