ඇමෙරිකා තානාපතිනය ටෙප්ලිට්ස්



ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ නව ඇමෙරිකා තානාපතිනය වශයෙන් ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පත් කර ඇතැයි කොළඹ ඇමෙරිකා තානාපති කාර්යාලය සදහන් කරයි.

ඇයගේ මෙම පත්වීම ඇමෙරිකා සෙනෙට් සභාව විසින් අනුමත කිරීමත් සමග ඇයට සුබ පැතුම් එක් කරමින් ඇමෙරිකා තානාපති කාර්යාලය මේ බව කියා සිටී.

ඒ අනුව ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය ළගදීම සිය රාජකාරී කටයුතු බාර ගනු ඇතැයි ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සිටී.

ශ්‍රී ලංකාවේ තානාපති ධූරයට අමතරව ඇය මාලදිවයිනේ ඇමෙරිකා තානාපතිනිය ලෙස පත් කරනු ලැබ සිටින්නීය.

ඇමෙරිකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරිනියක වන ටෙප්ලිට්ස් මහත්මිය  මීට පෙර නේපාලයේ ඇමෙරිකා තානාපතිනිය වශයෙන්ද  

මීට පෙර ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ අතුල් කෙශාප් මහත් ඉකුත් ජූලි 15 වැනිදා සිය ධූර කාලයෙන් සමුගත් අතර මේවන තෙක් ශ්‍රී ලංකාවේ වැඩබලන ඇමෙරිකා තානාපති වශයෙන් රොබට් හිල්ටන් මහතා කටයුතු කළේය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS