ඇමෙරිකා තානාපති කාර්යාලය වසා දැමේ



මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය අද (23) දින මහජනයා සදහා වසා තබන බව එම තානාපති කාර්යාලය නිවේදනය කර සිටී.

 

පාස්කු ඉරිදා කොළඹ තදාසන්න ප්‍රදේශයන් ඇතුළු ප්‍රදේශ සිදුවු බෝම්බ පිපිරීම් හේතුවෙන් ඇතිවූ හදිසි තත්ත්වය නිසා තානාපති කාර්යාලය මෙම තීරණය ගෙන ඇත.

 

මීට අමතරව කොළඹ ඇමරිකන් කේන්ද්‍රය සහ අනෙකුත් ඇමරිකානු පියස්ද වසා තැ⁣බෙන බව එක්සත් ජනපද තානාපති කාර්යාලය කියා සි⁣ටී. 

 

තානාපති කාර්යාලය වසා දැමුනද ඇමරිකානු පුරවැසි සේවා ක්‍රියාත්මක වන අතර   එර⁣ට පුරවැසියන්ගේ  හදිසි සේවා සදහා +94 11 249 8639 අමතන්නැයිද තානාපති කාර්යාලය දැනුම් දී සිටී.

 

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS