ඇමෙරිකා එක්සත් ජනපදයට සුබ පැතුම්



අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ නායකයා මරා දැමීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකා එක්සත් ජනපදයට සුබ පැතුම් එක් කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඊයේ (27) ලිපියක් යවමින් අග්‍රාමාත්‍යවරයා එලෙස සුබ පැතුම් එක් කර තිබේ.

රුසියාව, තුර්කිය, සිරියාව සහ ඉරාකයේ ද සහාය ඇතිව අයි.එස්. නායක අබු බකර් අල් බැග්ඩෑඩි අල්ලාගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවත් ඒ අතරවාරයේදී ඔහු මරාගෙන මරෙන බෝම්බ සහිත කබාය පුපුරුවා ගනිමින් මියගිය බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ  විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

මෙරට පල්ලි තුනක් සහ හෝටල් තුනකට එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස තම සංවිධානය සිටින බව ද අයි.එස්. නායකයා එම ප්‍රහාරයෙන් දින අටකට පසු විඩියෝ සහ හඬ පටයක් නිකුත් කරමින් පැවැසීය. 

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS