ඇමැතිනිය අබුඩාබියේ



අබුඩාබියේ ශ්‍රී ලංකා තානාපති  කාර්යාලයේ සුරක්ෂා නිවසේ රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට එවීමට වහා පියවර ගන්නැයි අධිකරණ හා විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය තානාපති කාර්යාල නිලධාරින්ට උපදෙස් දුන්නාය.

මේ දිනවල අබුඩාබි රාජ්‍යයේ සංචාරයක නිරත වන අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සිය සංචාරය අතරතුර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගිය අවස්ථාවේ සුරක්ෂා නිවාසයෙහි රැඳී සිටින විගමණික ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා සහ සුවදුක් බැලීමට එක් වූ අවස්ථාවේ මෙසේ උපදෙස් දුන්නාය.

මෙම ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස තානාපති කාර්යාල නිළධාරීන්ට උපදෙස් ලබා දුන් අමාතයවරිය අතර එතෙක් සුරක්ෂා නිවාසයෙහි රැඳී සිටින ශ්‍රමිකයින් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් උපරිමයෙන් ලබා දීමට අවශ්‍ය මැදිහත් වීම සිදු කරන ලෙස ද තානාපති කාර්යාල නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මෙම අවස්ථාවට අබුඩාබි ශ්‍රී ලංකා තානාපති එස්.ජේ.මොහිදීන්, අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවන ලේකම් පී.එම්.අයි උත්පලා, අමාත්‍යංශ උපදේශිකා පද්මිණී රත්නායක, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික එම්.එස් ෆනූර්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික එම්.අර්ෂාඞ්, සම්බන්ධිකරණ ලේකම් ඉන්ද්‍රජිත් විජේසූරිය, සම්බන්ධිකරණ ලේකම් උපාලි හතලහවත්ත යන මහත්ම මහත්මීන් එක් වූහ.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS