ආලෝක් ෂර්මාගේ සංචාරය අත්හිටුවයි



නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව තිබූ බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු හා පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාල කටයුතු පිළිබඳ අමාත්‍ය ආලෝක් ෂර්මා මහතා එම සංචාරය අත්හිටවූ බව මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ මහත්මිය විසින් බි්‍රතා්‍යන්‍ය තුළ හදිසි මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ අමාත්‍ය අලෝක් ෂර්මා මහතා මෙම ශ්‍රී ලංකා සංචාරය අත්හිටවූ බව ද එම මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.

මෙරට තෙදින නිල සංචාරයක් සඳහා බි්‍රතාන්‍යයේ විදේශ කටයුතු හා පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාල කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලබන සෙනසුරාදා (22) තෙක් මෙරට රැඳී සිටීමට නියමිතව තිබූ හෙතෙම එම කාලය තුළ රජයේ නියෝජිතයින් පිරිසක් හමුවීමට යොදා තිබුණි.

තවද හෙතෙමෙ කොළඹ හෝර්ටන් පෙදෙසේ ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා ආයතනය විසින් සංවිධානය කර තිබූ බ්‍රිතාන්‍යයේ බි්‍රක්සිට් ගිවිසුමෙන් ඇති වූ අවස්ථා සහ අභියෝග මැයෙන් දේශනයක් පැවැත්වීමට නියමිතවද තිබිණි.

(තිළිණි ද සිල්වා)

 

 


RECOMMEND POSTS