අප්‍රිකාවේ රැකියා වංචා



දකුණු අප්‍රිකානු රාජ්‍යයේ උගන්ඩාව ඇතු`ඵ රටවල රැකියා දෙන බව කියා මුදල් වංචා කළ කොළොන්නාවේ පිහිටි විදේශ රැකියා ඒජන්සියක් වැටලූ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකය එහි හිමිකරු අත් අඩංගුවට ගෙන ඇත.

කාර්යංශයේ ගුවන්තොටුපල ඒකකයෙන් ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කළේ යැයි කාකර්යංශයේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අදාළ ව්‍යාජ ඒජන්සි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති අතර වගකිව යුතු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන කටයුතු සිදු වෙමින් පවතින බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම වැටලීම සඳහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) කීර්ති මුතුකුමාරණ මහතාගේ උපදෙස් මතල විශේෂ විමර්ශන ඒකකයේ කළමණාකරු සී.ජී. වෙලගෙදර මහතා, පොලිස් පරීක්‍ෂක පුෂ්පකුමාර මහතා, උප පොලිස් පරීක්‍ෂක කුමාරසිංහ මහතා, උප පොලිස් පරීක්‍ෂක ලියනගේ මහතා, කාර්යාංශ මාණ්ඩලික සහකාර සන්ධ්‍යා අයිරාංගනී යන නිලධාරිහු සහභාගි වූහ.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS