අනවසර සංක්‍රමණිකයන් අත්අඩංගුවට



මැලේසියාව හරහා ඕස්ටේ්‍රලියාවට සහ නවසීලන්තයට නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ දැරූ ශ්‍රී ලාංකික සරණාගතයින් 24 දෙනෙකු මැලේසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පළවන මැලේ මේල් වෙබ් අඩවිය වාර්තා කළේය.

එසේම මෙම මිනිස් ජාවාරම මෙහෙයවීම සම්බන්ධයෙන් සැකපිට තවත් ශ්‍රී ලාංකිකයින්  තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි අදාළ වෙබ් අඩවි වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

අත්අඩංගුවට ගත් ලාංකිකයින් අතර පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු, කාන්තාවන් 8 දෙනෙකු සහ කුඩා දරුවන් 4 දෙනෙකු ද සිටිති.

මෙම පිරිසට අමතරව ඉන්දීය ජාතිකයින් 10 දෙනෙකු ද එරට ආරක්ෂක අංශ විසින් එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැලේසියානු පොලීිසිය විසින් අත්අඩංගුවට ගත් ලාංකික මිනිස් ජාවාරම්කරුවන්ට එරෙහිවඑරට ආගමන විගමන නීති රීති උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව මැලේසියා පොලිස්පති ටෑන් ශ්‍රී මොහොමඞ් ෆුසී හරූන් මහතා කියා  සීටී.එසේම මෙවැනි නීතිවිරෝධී මිනිස් ජාවාරම් මැඩ පැවැත්වීමට තම පොලීසියට හැකි සෑම උත්සාහයක්ම ගත් බවත් ඒ අනුව ඉකුත් වසරේ මැද භාගයෛ් සිට මෙවැනි ජාවාරම් මැඩපැවැත්වීමට කටයුතු කළ බවද හෙතෙම කීය.

මෙම නීතිවිරෝධී සංක්‍රමණිකයින් පිරිස  සිය රැඳවුම් බාරයේ තැබීමට මැලේසියානු පොලීසිය පියවර ගෙන ඇත.
( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS