22 කට වන්දි



විදේශ රැකියාවල නිරතව සිටියදී මිය ගිය පුද්ගලයින් විසි දෙදෙනෙකු වෙනුවෙන් වන්දි ලබාදීම ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකෙරිණි.

ස්වභාවික හේතු සහ වෙනත් හේතු නිසා මිය ගිය පුද්ගලයින් විසි දෙදෙනෙකු සදහා මෙහිදී වන්දි පිරිනැමිණි.

විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් මෙම වන්දි මුදල් පිරිනැමීම සිදුකෙරුණු අතර දේශීය රක්ෂණ අරමුදල්වලින් රුපියල් ලක්ෂ හැටක මුදලක් සහ විදේශීය රක්ෂණ අරමුදලින් රුපියල් ලක්ෂ දහයක් ලෙස රුපියල් ලක්ෂ හැත්තෑවක වන්දි මුදලක් මෙහිදී පිරිනැමිණි.

ඩයනා උදයංගනී


RECOMMEND POSTS