හොඳම ගෘහ සේවිකාව



සිංගප්පූරුවේ සේවය කරන විදේශ රටවල ගෘහසේවිකාවන් අතරින් හොඳම ගෘහසේවිකාව ලෙස ශ්‍රී ලාංකික ගෘහසේවිකාවක් තේරී පත්ව ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.

කුලියාපිටියේ පදිංචිකාරියක වන 58 හැවිරිදි පානම්බරගේ ජසින්තා මහත්මිය මෙසේ හොඳම ගෘහසේවිකාව ලෙස තේරී පත්ව ඇත.

සේවාස්ථානයේ දී විශිෂ්ඨතම සේවාවක් ලබා දීම වෙනුවෙන් ඇය මෙම සම්මානයෙන් පිදුම්ලබා ඇති අතර ඒ වෙනුවෙන් සිංප්පූරු ඩොලර් 2000 ක ත්‍යාගයක් ද ලැබී තිබේ.

සිංගප්පූරුවේ රැකියා ඒජන්සිකරුවන්ගේ සංගමය විසින් මෙම තරඟය සංවිධානය කර ඇති අතර පසුගිය පෙබරවාරි 5 වැනිදා මෙම ත්‍යාගය ලැබී ඇත.

වසරේ හොඳම ගෘහ සේවිකාව තෝරාගනු ලබන්නේ සේවය කරන නිවසට ඔවුන් ලබාදෙන ශ්‍රම දායකත්වයේ ප්‍රමිතිය හා රැකියාව වෙනුවෙන් කරන කැපවීම මතය.

පළමුවරට 1990 දී සිංගප්පූරුවේ රැකියාවට ගොස් ඇති ජසින්තා ලැම් යොන් සැන්ග් නමැති සිංගප්පූරු ජාතිකයාගේ වයෝවෘද්ධ මව හා ඔහුගේ 14 හා 11 හැවිරිදි දියණියන් දෙදෙනා බලාගැනීම සිදුකර ඇත.

2007 දී ඇය නැවත ලැම් පවුල වෙනුවෙන් එහි ගොස් ඇති අරත 2008 දී ලැම් මහත්මියගේ ජීවිතය බේරාගැනීමේ දී තිරණාත්මක කාර්ය භාරයක් ඉටු කළ බවත් ලැම් මහත්මිය අසනීප වූ අවස්ථාවක ඇය වහා රෝහල් ගත කළ හැකිවී ඇත්තේ ජසින්තාගේ මැදිහත්වීම නිසා බවත්
 ඇයට සම්මාන පිදීම පිළිබඳව වන දැනුම් දීමේ සඳහන් වේ. ඇය ලැම් පවුලේ පරම්පරා හතරකට සේවය කර ඇත.

1990 අගොස්තුවේ සිට එරට එකම හාම්පුතෙකු යටතේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක වන රන්හෝති පෙග්ගිලේගේ පද්මසීලි මහත්මිය ද මෙම සම්මාන උළෙලේ දී කුසලතා සම්මානයක් ලබා ඇත.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS