හොඳම ගෘහ සේවිකාව



ආර්.ඒ.සෝමාවතී වසර 39 ක් කුවේට්හි සේවය කර 2019 හොඳම ගෘහ සේවිකාවට හිමි සම්මානයක් දිනාගනී.

ආර්.ඒ.සෝමාවතී මහත්මියට කුවේට්හි පිහිටි තානාපති කාර්යාලය මගින් වසර 39 ක් අඛණ්ඩව එකම නිවසේ ඉතාමත් යහපත් ආකාරයෙන් සේවය කිරිම නිසාවෙන් අන්තර් ජාතික සේවක දිනයේදි හොඳම ගෘහ සේවිකාවන් 10 කින් එක් අයෙකු ලෙස සම්මානයක් ඇය වෙත ලබා දී තිබේ. මෙම සම්මාන ප්‍රධානෝත්සවය  2019 ජූනි 28 දින කුවේට් හොලිඩේ ඉන් හෝටලයේදී ශ්‍රී ලංකා හා පිලිපීන් තානාපති කාර්යාල වල මැදිහත්වීමෙන් පවත්වා තිබේ. එමෙන්ම ඇයගේ ස්වාමි දුව වූ මෝනා මුස්තාෆා අයිෂා අස්මාන් මැතිණියට කුවේට්හි හොඳම සේවාදායකට හිමි සම්මානය ද පිරිනමා තිබේ.

රණසිංහ ආරච්චිගේ සෝමාවතී උපත ලැබුවේ 1951.09.16 දිනය. එනම් දැනට වයස අවු.68 කි. ඇය කුවේට් රටට මුලින්ම රැකියාවකට ගොස් ඇත්තේ 1980 ජූලි මස දීය. ඇගේ සේවා ස්ථානය වුයේ කුවේට්හි සළුවා ප්‍රදේශයේ මෝනා මුස්තාෆා අයිෂා අස්මාන් නැමැති ස්වාමි දුවගේ නිවසය. ඇය එදාමෙදා තුර වසර 39 ක් අඛණ්ඩව මෙම ස්වාමිදුවගේ නිවසේ සේවය කර තිබේ.

ඇය එරටට විදේශගත වන විට එරට ඇගේ ස්වාමිදුවගේ දරුවන් දෙදෙනාට පිළිවෙලින් වසර 02 ක් හා දින 40 කි. දැනටත් එම දරුවන්ට ඇගේ දරුවන් මෙන්ම සෙනෙහස දක්වන අතර විවාහක එම දරුවන් ද තමාට මවකට මෙන් සෙනෙහස දක්වන බව කියා සිටී.

මෙම සේවක මහත්මිය වර්තමානයේ අප රටේ නොමැති හෙයින් නිවසක් තනා ගැනීමට උදව් කරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලා සිටී. ඉදිරියේදී එය සිදු කිරීම සඳහා කාර්යාංශය නිසි මගපෙන්වීමක්  සිදු කිරීමට බලාපොරොත්තු වේ.


RECOMMEND POSTS