හදිසි නීතිය දිගටම



රට තුළ පනවා ඇති හදිසි නීතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (22) තවත් මසකින් දීර්ඝ කරනු ලැබීය.

හදිසි නීතිය දීර්ඝ කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබිණි.

ඉකුත් අප්‍රේල් 21 වැනිදා (පාස්කු ඉරිදා) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුව රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පියවර ගනු ලැබිණි. ඒ අනුව අදාළ අති විශේෂ ගැසට් නිවේදනය අප්‍රේල් 22 වැනිදා ප්‍රකාශයට පත් කළේය.

පාස්කු ඉරිදා කොළඹ සුපිරි හෝටල් තුනකට, කොටහේන ශාන්ත අන්තෝනි, කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් සහ මඩකලපුව සියෝන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරවලින් 260කට ආසන්න පිරිසක් මියගොස් 500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS