හජ් කෝටාව වැඩිවෙයි !



හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාවට ලබාදෙන කෝටාව ඉහළ නැංවීමට සෞදි රජය තීරණය කර තිබේ.

මේ වසරේ දී එම සංඛ්‍යාව 500කින් වැඩිකිරීමට සෞදි රජය තීරණය කර ඇති අතර ඒ අනුව හජ් වන්දනාව සඳහා ලබාදී ඇති කෝටාව 4000 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික ඉස්ලාම් බැතිමතුන්ට මෙලෙස වැඩි අවස්ථාවක් ලබාදීම පිළිබඳව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය එම්.එච්.එම්. හලීම් මහතා සෞදි අරාබියානු රජය වෙත සිය ස්තූතිය පළ කර තිබේ.

අමතරව ලැබුණු අවස්ථාව හරහා අමාත්‍යංශයේ පොරොත්තු ලේඛනයේ සිටින බැතිමතුන්ට හජ් වන්දනාව සඳහා අවකාශය සලසා දෙන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව හේතුවෙන් මේ වසරේ හජ් වන්දනාවට එක්වීමට නියමිතව සිටි බැතිමතුන් 100 දෙනෙකු ලැයිස්තුවෙන් ඉවත්ව ඇති බව ද හලීම් අමාත්‍යවරයා පෙන්වාදී තිබේ.

මෙවර හජ් වන්දනාවේ නිරත වන පළමු බැතිමතුන් කණ්ඩායම ලබන 15 වැනිදා සෞදි අරාබියාව බලා පිටත්ව යාමට නියමිතයි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS