විදේශ විනිමයෙන් පමණක් සෑහෙන්න බෑ



රටට විදේශ විනිමය එවීමෙන් පමණක් සෑහිමකට පත් නොවී මෙවර මැතිවරණයේ දී හොරෙක් වංචාකරුවෙක් නොවන පුද්ගලයෙකුට ඡන්දය දෙන්නැයි ශ්‍රි ලංකාවේ ජීවත්වන ඥාතින්ට පවසන්නැයි එතෙර අපි සංවිධානය විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

දූෂණයෙන් තොර අයෙකුට ඡන්දය දීමෙන් තමන් රටට එවන මුදල් දේශපාලඥයින් විසින් සොරකම් කිරීම වැළැක්විය නොහැකි වනු ඇතැයි එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා මැදපෙරදිග ලංකාදීපයට පැවැසීය.

කෝප් කමිටුව විසින් බැඳුම්කර වංචාව එළිදරවු කිරීම නිසා අති විශාල වංචාවක් හෙළි වූයේ යැයි ද රටේ ආර්ථිකය අර්බුදයකට යාම වැළැකුණේ යැයි ද පැවසූ හඳුන්නෙත්ති මහතා ඒ පිලිබඳ තව දුරටත් සෙවීම ආරම්භ වූයේ කෝප් හෙළිදරව්ව නිසා යැයි ද කීය.

බැඳුම්කර වංචාව නිසා සියයට 8ක් 9ක් ව තිබු රටේ පොලී අනුපාතය සියයට 15ක් 20 ක් දක්වා ඉහළ ගියේ යැයි කී හඳුන්නෙත්ති මහතා කෝප් කමිටුව මේ හෙලි දරව්ව නොකලේ නම් රටේ පොලී අනුපාතය සියයට 30ක්  පමණ තෙක් ඉහළ යාමට ඉඩ තිබිනි යැයි ද පැවැසීය.
මෙවැනි තත්ත්වයක් යටතේ කළ ගුණ සලකන ජනතාවක් නම් කළයුතු ප්‍රධානම දේ දූෂණයෙන් තොර අපේක්ෂකයෙකුට ඡන්දය දෙන්නැයි මෙරට සිටින තම ඥාතින්ට දැන්වීම යැයි ද හෙතෙම සඳහන් කළේය.

විනීතා එම්  ගමගේ

 


RECOMMEND POSTS