විදේශීය නාවිකයින් පැමිණීම තාවකාලිකව නවතී



විදේශීය වෙළඳ නාවිකයින් මෙරටට පැමිණීම තාවකාලිකව නැවැත්වීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

කොළඹ වරායෙන් විදේශ නෞකා සඳහා හුවමාරුවීමට විදේශිකයන්ට අවසර දී තිබුණත් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඇතුළුව එසේ පැමිණි අයගෙන් වැඩි පිරිසක් කොරෝනා ආසාදිතයින් වූ නිසා ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

දිගින් දිගටම එසේ පැමිණෙන විදේශිකයින් රෝගීන් වුවහොත් මෙරට රෝහල් පද්ධතියේ ඉඩකඩ ප්‍රමාණවත් නොවිය හැකි නිසා මෙවන් තීරණයක් ගැනීමට සිදුව ඇතැයි ද ඇමතිවරයා කීවේය.
ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS