විදේශිකයන්ගේ සිරුරු 25 ක්



කොළඹ තරු පහේ හෝටල් තුනක සහ දේවස්ථානයක පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාර හේතුවෙන් මිය ගිය හදුනා නොගත් විදේශිකයින් 25 දෙනෙකු ගේ මළසිරුරු ⁣කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ආරංචි මාර්ග සදහන් කරයි.

ඊට අමතරව මියගිය පුද්ගලයින් අතර සිටි ඉන්දීය ජාතිකයින් 3 දෙනෙකුද , එක් පෘතුගීසි ජාතිකයෙකු ද, තුර්කි ජාතියින් 2 දෙනෙකුද , එක්සත් රාජධානියේ 2 දෙනෙකු සහ ඇමෙරිකා හා එක්සත් රාජධානි පුරවැසිභාවය දරන දෙදෙනෙකුද හදුන් ගත් මළ සිරුරු අතර වන බව විදේශ කටයුතු අමත්‍යාංශ නිලධාරියෙකු පැවසීය.

මීට අමතර ප්‍රහාර සිදු වු පෙරේදා (21) සවස 6.00 වන විටත් තවත් විදේශිකයින් 19 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS