විදෙස් ලාංකිකයන් ගෙන්වා ගන්න



කොවිඩ් වසංගතයට ගොදුරු වී විදේශ රටවල පීඩා විඳින හා එම වසංගත තත්ත්වය නිසා විවිධ ගැටලු මධ්‍යයේ විදේශ රටවල ජීවත්වන ලාංකිකයින් වහාම දිවයිනට ගෙන්වා ගැනීමට අවශ‍්‍ය පියවර ගන්නා ලෙසට බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සමක් හෙට (27 වැනිදා) සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

මෙම පෙත්සම සිසිර ද ආබෘ සහ ප්‍රියන්ත ජයවර්ධන යන මහත්වරුන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුණි.

එදිනට පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නීතිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටි ලෙසද අධිකරණය නොතීසි දන්වා යවන ලදී. නීතීඥභාවය වසර තුනකට අත්හිටුවා සිටින නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති වෙනුවෙන් නීතිපති ,සෞඛ්‍ය අමාත්‍යවරිය, ආගමන විගමන පාලක ජනරාල් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

වසංගත තත්ත්වය නිසා. විදේශ රටවල සිටින ලාංකිකයින්ට සිය මව්බිමට පැමිණීමට බාධා එල්ල වී ඇති බවත් ,ඉන් එම ලාංකිකයින් ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවද පෙත්සම්කරු සිය පෙත්සමේ සදහන් කර ඇත.


RECOMMEND POSTS