තමන්ට තිබෙන අවස්ථාවන් ගැන සිතන්න



කො⁣රෝනා වසංගතය හමුවේ බලපෑමට ලක්වූ අවස්ථාවකදී හැර , නැවත මෙරටට පැමිණීමේ සැලසුම් පිළිබදව යළි සිතා බලන්නැයි විදේශ සබඳතා අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා විදේශයන් හි සිටින ලාංකික ශ්‍රමිකයින් ගෙන් හා සිසුන් ගෙන් ඉල්ලීමක් කර සිටී.

ලොව පුරා පවතින එම වසංගත තත්ත්වය හමුවේ  ශ්‍රී ලාංකිකයන් 38,000 කට වැඩි පිරිසක් ආපසු සියරට පැමිණීමට අපේක්ෂා කරන බවත්, එයින් 28,000 කට ලාංකික ශ්‍රමිකයින් යැයිද විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දේ.

එබැවින් ලංකාවට ආපසු පැමිණීමට  සඳහා තීරණය කිරීමට පෙර, එසේ පැමිණීමෙන්  රැකියා හා අධ්‍යාපනය කෙරෙහි ඇතිවිය හැකි බලපෑම පිළිබඳව සියුම්ව සලකාබලන ලෙස,  ශ්‍රමිකයන්ගෙන් මෙන්ම ශිෂ්‍යයින්ගෙන් සහ එම සිසුන්ගේ දෙමව්පියන් ගෙන්ද තමා  ඉල්ලා සිටින බවද හෙතෙම කීය.

මේ අවස්ථාවේ දී රජයේ ප්‍රමුඛතාවය වන්නේ ආපසු පැමිණීමට අවශ්‍යතාවය පවතින හා ගැටලු රැසකට. මුහුණ පා සිටින මෙරට සංක්‍රමණික ශ්‍රමික කාණ්ඩය ආපසු රැගෙන ඒම යැයි ද අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දේ.

මෙම පිරිස් සතුව නීත්‍යානුකූලව එම රටවල රැදී සිීටීමට අවශ්‍ය වීසා හා අනෙකුත් ලිපි ලේඛණ නොමැති වීම නිසා  නීතිවිරෝධී සංක්‍රමණිකයන් බවට පත්ව ඇති අතර, ඔවුන් නීත්‍යානුකූල නොවීම හේතුවෙන් එම රටවල දී සෞඛ්‍ය පහසුකම් සහ වෙනත් කිසිදු පහසුකමක්  ලබා ගත නොහැකි තත්ත්වයට මුහුණ දී සිටින බවද රවිනාථ ආර්යසිංහ මහතා කියා සිටි.

එසේම රැකියාවෙන් නෙරපා හරින ලද බොහෝ දෙනෙකු ද එහි සිටින බැවින්  බොහෝ දුරට අසරණ වී ඇති මෙම පිරිස් පිළිබදව කටයුතු කිරීමෙන් අනතුරුව, ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන, එහෙත් රැකියා තිබෙන අය සහ හුදෙක් කොරෝනා අවදානම වළක්වා ගැනීම සඳහා නිවාඩුවට පැමිණීමට අපේක්ෂා කරන අය පිළිබඳව සලකා බැලිය හැකි බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ඒ නිසා විදේශයන්හි සිටින ලාංකික ශ්‍රමිකයින් ගෙන් හා  සිසුන් නැවත පැමිණීමෙන් සිදුවිය හැකි රැකියා අහිමිවීම හෝ අධ්‍යාපන අවස්ථා අහිමිවීම හෝ විශාල ප්‍රමාදයන් පිළිබඳව ප්‍රවේශමෙන් හා සියුම්ව සලකා බලන්නැයි විදේශ ලේකම්වරයා ඔවුන් ගෙන් ඉල්ලා සිටී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS