ජපන් සාත්තු සේවයේ



ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා ජපානයේ සාත්තු සේවිකා රැකියා අවස්ථා සියයක් හිමිව ඇතැයි ශ්‍රි ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශය පවසයි.

විදේශ රැකියා අමාත්‍යාංශය හා අයි එම් ජපන් ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව මෙම රැකියා අවස්ථා ලබා දී ඇතැයි ද  කාර්යංශය කියයි.

ජපන් භාෂා ප්‍රවීනතාව එන් 4 මට්ටම සමත් හෝ හදාරා ඇති වයස අවුරුදු 18-ත් 30ත් අතර ලාංකික තරුණියන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.

මෙම වැඩසටහනේ පළමු පියවර ලෙස සාත්තු සේවිකා වෘත්තිය සඳහා කාන්තාවන් 100  කට අධික සංඛ්‍යාවක් බඳවා ගැනෙන අතර   මෙම ශ්‍රමිකයින් සඳහා එක් මාසයක වැටුප ලෙස රු. 135,000 කට ආසන්න මුදලක් හිමි වනු ඇත.

මෙම රැකියා සඳහා අයදුම්කිරීමට කැමති රැකියා අපේක්ෂිකාවන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අලෙවිකරණ අංශය වෙත තම අයදුම්පත එවිය හැකිය. මේ පිළිබඳ වැඩි විස්තර කාර්යාංශ වෙබ් අඩවියේ පළකොට ඇති බවත් කාර්යාංශයේ 011 2791814 යන අංකයට දුරකතන ඇමතුමක් ලබාදීම මඟින්ද වැඩි විස්තර ලබාගත හැකි  බවත් කාර්යංශය කියයි.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS