චීනයෙන් ලැබුණු නැව ඇවිල්ලා



මහජන චීන සමූහාණ්ඩුව මගෙන් මගින්  ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පිරිනමන ලද P625 නෞකාව කොළඹ වරායට සේන්දු වීම පසුගිය දා සිදුවිය.

2019-06-05 වන දින ලංකාවට බාරදුන් මෙම නෞකාව 06-25 වන  දින චීනයෙන් පිටත්වී ඇත.

1994 වර්ෂයේ දී චීනයේ නිෂ්පාදිත මෙම නෞකාවේ දිග මීටර් 112 ක් වන අතර පළල මීටර්12.4 වේ. මෙම නෞකාවේ ඉදිරිපස මිලි මීටර් සියයක  ද්විත්ව  අවියක් ද  නෞකාවේ පසුපස mm 37ක ද්විත්ව අවියක්ද ඇත.

මෙම නෞකාවේ අණදෙන නිලධාරියා වශයෙන් කපිතාන් NKB විජේසිංහ මහතා කටයුතු කරන අතර කාර්ය මණ්ඩලය 110 ක් වේ.

මෙම නෞකාවේ උපරිම වේගය 25Knots ක් වන අතර නෞකාවේ ධාරිතාව ටොන් න් 2300ක් වේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, මහජන චීන සමූහාන්ඩුවේ ශ්‍රී ලංකා තානාපති චේග් සූයුවාන් මහතා, ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයින් පිරිසක් හා නෞකාවේ කාර්ය මන්ඩලයේ පව්ලේ සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ළහිරු හර්ෂණ


RECOMMEND POSTS