ඉන්දීය එන්නත 26 වැනිදා ලැබෙනවා



ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා (කොවිෂීල්ඩ්) කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් කුප්පි 6,00,000 ක් ලබන ජනවාරි 27 වනදා ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එන්නත් ඉක්මනින් ලබා දීම සඳහා ඉන්දීය බලධාරීන් ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන බව කොළඹ පිහටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තහවුරු කර ඇත.

 ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ කොරෝනා ප්‍රතිරෝධි එන්නත් සඳහා හදිසි භාවිත අනුමැතිය ශ්‍රී ලංකා රජය විසින් දැනටමත් ලබා දී ඇති බවය.

මේ අතර කොරෝනා රෝගීන්ට ලබාදීමට නියමිත එන්නත පිළිබඳ පෙරහුරු වැඩසටහනක් අද (23) උදෑසන, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේදී ආරම්භ විය.

 සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 25 දෙනෙකුට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ද ඊට සහභාගී වූ අතර, සායනික කටයුතු මාධ්‍ය ආවරණයට ඉඩ ලබාදී නොතිබුණි.


RECOMMEND POSTS