අරාබි නැවියෝ 51 ක් මෙරටට



අරාබි ජාතික නැවියන් 51 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ඩුබායිහි සිට එම පිරිස ඊයේ (28) උදෑසන 06.15ට පමණ කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයට පැමිණියේය.

ඇවන්ගාඩ් නැව් සමාගමට අයත් නැවක සේවය කිරීම සඳහා එම නාවිකයින් පිරිස මෙරටට පැමිණ ඇති බව සඳහන්.

ගුවන්තොටුපල වෙත පැමිණි එම නාවිකයින් පිරිස පී.සී.ආර් පරික්ෂණ සඳහා භාජනය කිරීමෙන් පසු එහි ප්‍රතිඵල ලැබෙන තෙක් ගුවන්තොටුපල අවට හෝටල් කිහිපයක තාවකාලිකව නවාතැන් ගැනීමට නියමිතය.

මේ අතර කොළඹ වරායේ නැංගුරම් ලා ඇති විදේශීය නැවක සේවය කරන ඉන්දීය නාවිකයින් 54 දෙනෙකු යළි ඉන්දියාව වෙත පිටත්ව ගොස් තිබේ.

මත්තල ගුවන්තොටුපලේ සිට ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයකින් 27 පස්වරුවේ ඔවුන් පිටත්ව ගිය අතර අදාල නාවිකයින් පිරිස කොළඹ වරායේ සිට හම්බන්තොට ප්‍රදේශයට රැගෙන ගොස් දින 14ක කාලයක් නිරෝධායනය සඳහා යොමු කර තිබුණි.

මේ අතර ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානය මෙරටට පැමිණිමේ දී ඉන්දීයාවේ රැඳී සිටි ශ්‍රී ලාංකික මගියෙකු ද දිවයිනට රැගෙනවිත් තිබේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS