අමාත්‍ය මිලින්ද ඉන්දීය මහ කොමසාරිස් ධුරයට



හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස නම් කරනු ලැබ ඇත.

විදේශ සබඳතා අමාත්‍යාංශය මිලින්ද මොරගොඩ මහතාගේ නම පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට යවා ඇත.

එක්සත් ජාතික පක්ෂයෙන් 2001 වසරේදී පාර්ලිමේන්තුවට පිවිසි මොරගොඩ මහතා අමාත්‍ය ධුර කිහිපයක් හෙබ වූ අතර පාත් ෆයින්ඩර් ආයතනයේ නිර්මාතෘවරයා ද වේ.

මොරගොඩ මහතා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් සිටියදී ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස ද කටයුතු කළේය.

හිටපු    ජනාධිපති ලේකම්    ඔස්ටින් ප්‍රනාන්දු මහතා 2018 වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ වසරේ ජනවාරි මාසය දක්වා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය හෙබ වූ අතර හෙතෙම නැවත මෙරටට පැමිණීමත් සමඟ එම ධුරය මාස හතක් තිස්සේ පුරප්පාඩුව පැවැතිණි.

 හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS