‘හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඞ්’ ගීතය ජනප්‍රියයි



චේතන් භාගත්ගේ අතිශයින් ජනප්‍රිය නවකතාවක් ඇසුරින් නිර්මාණය වුණු ‘හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඞ්’ චිත්‍රපටයේ එක් ගීතයක් මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත. ‘තෝඩි දෙර්’ නමැති එම ගීතය බොලිවුඞ් රසික රසිකාවියන්ගේ හදවත් පැහැර ගැනීමට සමත් වී ඇතැයි ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

‘හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඞ්’ චිත්‍රපටයේ පෙම් යුවල වන්නේ අර්ජුන් කපූර් සහ ශ්‍රද්ධා කපූර්ය. ‘තෝඩි දෙර්’ ගීතය ගායනා කරන්නේ ෂ්රෙයා ගෝෂාල් සහ ෆරාන් සහීඞ් තරුණ ගායක දෙපළ යැයි ද පැවැසෙයි. මෝහිත් සූරිගේ අධ්‍යක්ෂණයක් වන ‘හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඞ්’ මැයි 19 වැනිදා සිට තිරගත වීම් ආරම් කරනු ඇත.

(ඉන්දීය පුවත් සේවා ඇසුරිනි)

 


RECOMMEND POSTS