‘රැම්බෝ’ චිත්‍රපටය ගැන ලැජ්ජා වෙනවා



රැම්බෝ යනු හොලිවුඞ් සිනමාවේ ජනප්‍රිය වීර චරිතයකි. මේ වනවිට රැම්බෝ චිත්‍රපට මාලාවේ අවසන් චිත්‍රපටය ‘රැම්බෝ ලාස්ට් බ්ලඞ්’ ලොව පුරා තිරගතවීම ආරම්භ කර ඇත. හොලිවුඞ් නළු සිල්වෙස්ටර් ස්ටැලෝන් ජනප්‍රිය හොලිවුඞ් තරුවක් වූයේ ද රැම්බෝ චරිතය හරහාය.

රැම්බෝ චිත්‍රපට ඇඹුණේ ‘රැම්බෝ: ෆස්ට් බ්ලඞ්’ චිත්‍රපටයෙනි. මෙම චිත්‍රපටයට පාදක වූ රැම්බෝගේ චරිතය නිර්මාණය කළේ ඇමෙරිකන් ලේඛක ඬේවිඞ් මොරෙල්ය. ඒ, 1972 දීය.

රැම්බෝ චරිතය එලෙසම පැවැතියත් අවසන් රැම්බෝ චිත්‍රපටයට මොරෙල්ගේ සම්බන්ධයක් නැත. එහෙත්, ඔහු සමාජ ජාල ඔස්සේ ‘රැම්බෝ ලාස්ට් බ්ලඞ්’ චිත්‍රපටය වෙනුවෙන් අදහස් දක්වමින් එය නරඹන්නැයි රැම්බෝ රසික රසිකාවියන්ට පැවැසීය.

‘රැම්බෝ ලාස්ට් බ්ලඞ්’ තිරගතවීම ආරම්භ වූ පසු මොරෙල් එය නැරැඹීමට ගොස් පැමිණ ඇත්තේ මහත් කලකිරීමකි. තමා නිර්මාණය කළ චරිතය තමා නොසිතූ ආකාරයේ මඟක ගමන් කිරීම ගැන කනගාටු බවත්, ඒ ගැන තමන් ලැජ්ජා වන බවත් පසුව සමාජ ජාල ඔස්සේ අදහස් දක්වමින් මොරෙල් පැහැදිලි කර තිබේ.

(හොලිවුඞ් පුවත්)


RECOMMEND POSTS