ෆන් වැඩිවෙලා දීපිකා ලෙඩවෙලා



බොලිවුඞ් සුරූපිනී දීපිකා පදුකෝන් අසනීපයෙන් පසුවන බව බොලිවුඞ් පුවත් සේවා වාර්ත කරයි. ඒ, ඇය සැමියා රන්වීර් සිං ද සමඟ ඇගේ හොඳම යෙහෙළියකගේ මංගල සාදයකට සහභාගී වීමෙන් පසුවය.

උණ ගැනී සිටින දීපිකා ඉන්ට්‍රග්‍රෑම් ඔස්සේ පවසා ඇත්තේ යෙහෙළියගේ මංගල උත්සවයට සහභාගී වී විනෝද වීමෙන් පසු තමන් අසනීප වුණු බවය.

මේ අතර ඉන්දියාවේ ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් ද ස්වසන අපහසුතාවක් හේතුවෙන් මුම්බායි රෝහලකට ඇතුළත් කළේ යැයි පැවැසෙයි.

(බොලිවුඞ් පුවත් සේවා ඇසුරිනි)


RECOMMEND POSTS