හුමා කුරේෂිගේ සුරූපීබවේ රහස



ආක්ෂේ කුමාර් ප්‍රධාන චරිත නිරූපණය කරන නවතම බොලිවුඞ් සිනමා නිර්මාණය වන්නේ ‘ජොලි එල්එල්බී’ චිත්‍රපටයයි. නීතීඥවරුන් දෙදෙනකුගේ කතාවක් ඇතුළත් මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වන්නේ සුරූපී හුමා සලීම් කුරේෂිය. 

චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු හේතුවෙන් කාර්යබහුල වුවත් හුමා කුරේෂි පවසා පවසන්නේ තමාගේ ආහාර රටාව කිසිම අයුරකින් වෙනස් නොකරන බවත්, තමාගේ සුන්දරත්වයේ සහ නිරෝගීබවේ රහස එම ආහාර රටාව බවත්ය. 

තමා දිනකට වතුර වීදුරු 12 ක් පානය කරන බවත්, ඒ අතරට පොල් වතුර පානය කරන බවත් හුමා කුරේෂි වැඩි දුරටත් කියා සිටින්නීය. ඊට අමතරව පලතුරු යුෂ නිරන්තරයෙන් පානය කරන බව ද ඇය කියා සිටී.

හුමා සලීම් කුරේෂි 30 හැවිරිදි වියෙහි පසුවන්නීය. ඇය උපත ලැබුවේ 1986 වසරේ ජූලි 28 වැනිදාය. 2013 සහ 2014 වසරේ ‘ඒක් ති දියාන්’ සහ ‘දෙද්ෂ් ඉෂ්කියා’ පමණක් නොව 2015 වසරේදී ‘බාදිපූර්’ චිත්‍රපටය හරහා ද හුමා සලීම් කුරේෂි බොලිවුඩයේ නමක් දිනා ගත්තාය.


RECOMMEND POSTS