හැරී මේගන් නිල මංගල ඡායාරූපය



හැරී කුමරු සහ මේගන් මාකෙල්ගේ මංගල ඡායාරූපය ද මේ වනවිට අන්තර්ජාල පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත්වී අවසන්ය.

මෙම සමූහ ඡායාරූපයේ, නව යුවල සිටින්නේ දෙවැනි එලිසබත් මහ රැජින, ඇගේ වල්ලභයා පිලිප් කුමරු, චාල්ස් කුමරු, කැමිලා ආදිපාදවරිය, වැඩිමල් සොයුරු විලියම් කුමරු, බිරිඳ කේට් මිඞ්ල්ටන් හෙවත් කේම්බි්‍රජ් ආදිපාදවරිය සහ මල් කුමර කුමරියන් පිරිවරාගෙනය.

මල් කුමර කුමරියන් අතර විලියම් සහ කේට්ගේ දරු දෙදෙනා චාලට් සහ ජේර්ජ් සිටිති.

විලියම් කුමරු, හැරී කුමරාගේ දෙවැනි මනාලයා විය. රාජකීය මංගල උත්සවයේ මෙම නිල ඡායාරූප ගනු ලැබ ඇත්තේ ඡායාරූප ශිල්පී ඇලෙක්සි ලුබෝම්රිස්කි විසිනි.

(ඬේලිමේල්)


RECOMMEND POSTS