සුපිරි ගායිකා කැටී පෙරී බොලිවුඩ් තරු හමුවෙයි



බටහිර සුපිරි පොප් ගායිකා කැටී පෙරී ඉකුත් මුම්බායි නුවර සංචාරය කළාය. ඇයගේ ගීත සංදර්ශන මුම්බායි හී පැවැත් වුවද බොලිවුඩ් පය තැබූ ඇය බොලිවුඩ් තරු මුණගැසීමටද අමතක කළාය.

බොලිවුඩ් පුරය පය තැබූ ඇය වෙනුවෙන් සුපිරි සාදයක් දීමට සුපිරි බොලිවුඩ් අධ්‍යක්ෂක කරන් ජොහාර් අමතක නොකළේය. මේ සාදයට බොලිවුඩ් කින්ග් ෂාරුක් ඛාන් ,ඔහුගේ බිරිද ගෞරි ඛාන්  සහ බාල පුතු ආබ්‍රහම් එක් වී සිටියේය.ගායිකා කැටී පෙරී , ෂාරුක් බිරිද වන ගෞරි සමග ඉතාම සුහද ලෙසින් සාකච්ඡා කිරීම මෙහිදී කැපී පෙනුණු දෙයක් බව බොලිවුඩයෙන් වාර්තා වේ.

ඊට අයිශ්වර්යා රායි , අභිෂේක් බච්චන් ,ආලියා බාත් , අනුෂ්කා ෂර්මා , ජැකලීන් ෆර්නැන්ඩස් , මලෙයිකා අරෝරා, අහානා පාන්ඩේ , අර්ජුන් කපූර් , ෂාහිද් කපූර් ඊට එක්ව සිටියහ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS