සුපර් ගර්ල්ට මංගල සීනු



පුංචි තිරයේ සුපර් ගර්ල් ලෙස ලොව කාගේත් ආදරයට ලක්වුණු ඇමෙරිකන් ටෙලි නිළි මෙලීසා බෙනොයිස්ට් විවාහ ගිවිසගෙන ඇති බව හොලිවුඞ් පුරයෙන් වාර්තා වේ.

මෙලීසාගේ අත ගත්තේ සුපර් ගර්ල් කතා මාලාවේත්, සැබෑ ජීවිතයේත් පෙම්වතා ක්‍රිස් වුඞ්ය.

සුපර් ගර්ල් කතා මාලාවේ ක්‍රිස් වුඞ් චරිත නිරූපණය කරන්නේ ඩැක්සමයිට් නමැති පිටසක්වළින් ආ කාරා ඩැන්වර්ස් හෙවත් සුපර් ගර්ල් සේම සුපිරි හැකියාවක් ඇති මොන් එල් නමැති තරුණ කුමාරයාගේ චරිතයයි.

මෙලීසා බෙනොයිස්ට් සහ ක්‍රිස් වුඞ්ගේ විවාහ ගිවිස ගැනීම සිදුවූයේ පසුගිය 10 වැනිදාය. ඒ ගැන මේ වනවිට සමාජ ජාල ඔස්සේ ද ප්‍රසිද්ධියට පත් වී ඇත. රසික රසිකාවියන් බොහෝ දෙනාගෙන් නව යුවළට සුබ පැතුම් ද ලැබෙමින් පවතී.

(ඇමෙරිකන් පුවත් සේවා)

 


RECOMMEND POSTS