සිත්තරා සමුගනී



ලොව කා අතරේත් එකසේ ජනප්‍රිය සදා අමරණීය ‘ටොම් ඇන්ඞ් ජෙරී’ සහ ‘බග්ස් බනී’ වැනි කාටූන් චරිත නිර්මාණය කළ සම්මානනීය අති දක්ෂ කාටූන් ශිල්පී බොබ් ගිවන්ස් මියගිය බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.

මියයනවිට බොබ් ගිවන්ස්ගේ වයස අවුරුදු 99 කි. බොබ්, අවුරුදු 60 කට වැඩි කාලයක් ඩිස්නි, වෝනර් බ්‍රදර්ස් සහ හනා බාබරා යන සමාගම්වල ප්‍රධානතම කාටූන් ශිල්පියා ලෙස සේවය කළේය.

ගිවන්ස් බිහි කළ පළමු කාටූන් නිර්මාණය වන්නේ ‘ඩැෆි ඩක්’ ය.  ඒ වෝල්ට් ඩිස්නි සමාගමටය. 1940 දී ගිවන්ස් ‘බග්ස් බනී’ හාවාගේ නිර්මාණය කළේ වෝනර් බ්‍රදර්ස් සමාගම සමඟ එක් වෙමිනි. ‘ටොම් ඇන්ඞ් ජෙරි’ පමණක් නොව, ‘ඇල්වින් ඇන්ඞ් ද චිප්මන්ක්ස්’ සහ ‘පොපායි’ ද නිර්මාණය කළේ බොබ් ගිවන්ස්ය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS